ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මහරගම අපේක්ෂා රෝහලේ සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ

    සැප්තැම්බර් 03, 2024

    රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද ආධාර සහ සෙසු පරිත්‍යාගශීලීන්ගෙන් ලද ආධාරවලින් ඉදිකල මහරගම අපේක්ෂා රෝහලේ සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය අද (03) උදෑසන ජනතා අයිතියට පත් කෙරුණි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ව්‍යාපෘති කළමණාකරණය සහ ඉදිකිරිම යටතේ 2023.09.21 දින ඉදිකිරිම් ආරම්භ කළ මෙම සිව්මහල් වාට්ටු සංකීර්ණයට වැය වී ඇති මුදල රුපියල් මිලියන 150 කි. ව්‍යාපෘතිය සදහා මාස 08 ක කාලයක් වෙන් කර තිබුණි.

    මෙම ගොඩනැගිල්ලේ වාස්තු විද්‍යා සැළසුම්කරණය RAPA Chartered Architects ආයතනය යටතේ නිර්මාණ ශිල්පීන් නොමිලේ තම සේවාවන් ලබාදි ඇති අතර, දෙමාපිය සහ දරුවන්ගේ මනස නිරවුල්ව තබාගත හැකි අන්දමින් එම කටයුතු සිදු කර ඇත.

    කිසිදු අයෙකුගේ නමක් ගමක් නොමැතිව ‘කතරගම දෙවියන්ට පිං පිණිස’ යනුවෙන් පමණක් සමරු පලකයේ සඳහන් කිරීමට කටයුතු කර තිබු අතර, අපේක්ෂා රෝහලේ නේවාසික රෝගී දරුවන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් එම වාට්ටු සංකීර්ණය විවෘත විය.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ...

    අපේක්ෂා රෝහලට ජිවිත අපේක්ෂාවෙන් පැමිණෙන රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙද ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිය උපරිම කැපවීමෙන් රෝගී ප්‍රතිකාර සේවාවන් ලබාදීමට කටයුතු කරන බවයි. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් ඉතාම කෙටි කාලයක් තුල ගුවන් හමුදාවේ රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වය මත මෙම මනරම් ගොඩනැගිල්ල ඉදිකර රෝගී සත්කාරක සේවා සදහා යෙදවීමට පියවර ගත් බව ද පැවසීය. මේ සදහා සියළු උපකාර කළ පිරිස් වෙත සිය ගෞරවය සහ ස්තූතිය පුද කරන බව ද පැවැසීය.

    මේ අතර ඉදිරියේ දී මහල් 07 කින් යුතු ඇදන් 500 කින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, වසර 02ක් තුළ එම ගොඩනැගිල්ල සාදා නිම කිරිමට බලාපොරොත්තු වන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya