ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට ඇරඹෙයි

    සැප්තැම්බර් 03, 2024

    2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම හෙට (04) ඇරඹී සැප්තැම්බර් 5 සහ 6 යන දිනවල ද සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    සැප්තැම්බර් 4 දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිසිය සඳහා වෙන් කර ඇතැයිද, සැප්තැම්බර් 11 සහ 12 අමතර දින කලින් ඡන්දය දීමට නොහැකි වූවන් සඳහා වෙන් කර ඇති බවද සඳහන් කරයි.
    මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද අයදුම්පත් 27195ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 52486ක්, කලුතර 37361ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 41436ක් ද, මාතර දිස්ත්‍රික්කයෙන් 30882ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 22167ක්ද වශයෙන් පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
    මේ අනූව ඉදිරිපත් වී ඇති පිළිගත හැකි මුළු තැපැල් ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව 712319කි.
    තැපැල් ඡන්දය සඳහා සහභාගී වී තම ඡන්දය ප්‍රකාශ කරන ලෙස සියලුම සුදුසුකම් ඇති ඡන්දදායකයින්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya