ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඇල්පිටිය පළාත් සභා ඡන්ද විමසීම ඔක්තෝම්බර් මස 26 වන දා

    සැප්තැම්බර් 13, 2024

    ඇල්පිටිය පළාත් සභා ඡන්ද විමසීම 2024 ඔක්තෝම්බර් මස 26 වන සෙනසුරාදා පැවැත්වීමට කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි මහතා ඊයේ (12) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    මෙම ඡන්ද විමසීම සඳහා නාම යෝජනා පත්‍ර භාර දීම ඊයේ මධ්‍යහ්න 12.00 ට අවසන් කරනු ලැබීය.

    ඒ අනුව, මෙම ඡන්ද විමසීමට අදාළව පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප මුදල් තැන්පත් කළ බවත්, ඒ අතරින් ඊයේ (12) පිළිගත් දේශපාලන පක්ෂ 09 ක් සහ ස්වාධින කණ්ඩායම් දෙකක් විසින් නාම යෝජනා භාර දුන් බවත් ඒ මහතා මෙහි දී පැවසිය.

    එම නාම යෝජනා පත්‍ර අතුරින් පිළිගත් දේශපාලන පක්ෂ 08 ක සහ ස්වාධින කණ්ඩායමක නාම යෝජනා පිළිගත් බව හෙතෙම මෙහි දී සඳහන් කළේය.

    කේ.ජි.චමින්ද ප්‍රසාද් උදය කුමාර මහතා නායකත්වය ලබා දුන් ස්වාධින කණ්ඩායම ලබා දුන් නාම යෝජනා පත්‍රයත්, ශ්‍රී ලංකා කොමිනිස්ට් පක්ෂය නමින් වූ නාම යෝජනා පත්‍රයත් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ඒ මහතා මෙහි දී සඳහන් කළේය.

    එමෙන්ම භාර ගත් නාම යෝජනා පත්‍ර අතුරින් දෙවන පරපුර විසින් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය අපේක්ෂකයින් කිහිප දෙනකුගේ දිවුරුම් ප්‍රකාශවල වූ අඩුපාඩු හේතුවෙන් අපේක්ෂකයින් තිදෙනකුගේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබෙන බවත්, එමෙන්ම ජාතික ජනතා පක්ෂයේ අපේක්ෂකයින් දෙදෙනකුගේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබෙන බවත් ඒ මහතා පැහැදිළි කළේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya