ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් කුරුණෑගල ආපදා මධ්‍යස්ථානය සීරුවෙන්

    සැප්තැම්බර් 13, 2024

    සැප්තැම්බර් 15 දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයේ විභාග මධ්‍යස්ථාන හෝ ඒ ආශ්‍රිත විභාගයට බලපෑම් සිදුවිය හැකි ආපදා තත්වයන් ඇති වුවහොත් එය කඩිනමින් කළමනාකරණය කිරිම සදහා කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සූදානමින් සිටින බව දිස්ත්‍රික් ආපදා ආපදා කළමණාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

    ඒ සදහා ආපදා කළමණාකරණ ඒකකය ප්‍රාදේශීය ලේකම්වරුන් හා පොලිසිය සමග සම්බන්ධිකරණයෙන් කටයුතු කිරිම සදහා විභාගයට පෙර දින (14) හා විභාග දින (15) විවෘතව පවතින බව ද එවැනි අවස්ථාවක දි පහත නිලධාරින්ගේ සහයෝගය ලබා ගත හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    N.R.A. විරාජ් දිසානායක මයා - නියෝජ්‍ය අධ්‍යක්ෂ  077-3957887

    Y.M.S.බණ්ඩාර මයා 0774196838

    P.M.A.K. බණ්ඩාර මයා 071-8520294

    නදීකා සදමාලි මිය 076-0994784

    කාර්යාලය 037-2221709 / 0372117117

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya