ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශිෂ්‍යත්ව විභාගය සඳහා සියල්ල සූදානම් - විභාග කොමසාරිස් ජනරාල්

    සැප්තැම්බර් 13, 2024

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල්  අමිත් ජයසුන්දර මහතා පවසයි. අද(13) විභාග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කෙමසාරිස්වරයා මේ බව පැවසීය.

     ඒ අනුව විභාගය එළඹෙන 15 වැනි ඉරිදා  පෙරවරු 9.30ට ආරම්භ වේ.  උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය පැවැත්වේ.

     මෙවර ශිෂ්‍යත්ව විභාගයට 323,879 දෙනෙකු අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත්ව ඇති අර සිංහල මාධ්‍යෙයන් අපේක්ෂකයින් 244,092ක්ද ද්‍රවිඩ මාධ්‍යෙයන් අපේක්ෂකයින් 79,777ක පෙනී සිටියි

     

    නියමිත වේලාවට අදාළ විභාග මධ්‍යස්ථාන වෙත දරුවන් රැගෙන යෑමට කටයුතු කරන ලෙසත්,  එසේම අනවශ්‍ය පීඩනයකින් තොරව ඉතා සැහැල්ලු මනසින් විභාගයට මුහුණ දී එම කඩඉම ජය ගන්නා ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටින බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya