ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මුං ඇට සදහා සහතික මිලක් කඩිනමින් හඳුන්වා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්

    සැප්තැම්බර් 13, 2024

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කරමින් අද (13) අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දෙනු ලැබීය.

    ආහාර සුරක්ෂිතතාව හා ආර්ථික පුනර්ජනනීය කමිටු හරහා සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පද්ධති මෙන්ම ප්‍රාදේශීය සංවර්ධන හා කෘෂිකර්ම කමිටු හරහා අතරමැදි කන්නයක් ලෙස ඉපනැල්ලේ මුං වගාව සඳහා ගොවීන් දැනුවත් කරමින් උනන්දු කරවීමේ ප්‍රතිඵලයක් ලෙස ඉතා සාර්ථක මුං අස්වැන්නක් වෙළඳපොලට පැමිණෙමින් පවතින අතර ඒ සඳහා දැනට ඉතා සාධාරණ තොග මිලක් පවතින බව දිස්ත්‍රික් ලේකම්වරුන් වාර්තා කර ඇත.
    එහෙත් ඉදිරි සති කිහිපය තුළ මුං ඇට අස්වනු විශාල ලෙස වෙළඳපළට ප්‍රවිශ්ට වීමත් සමඟ මෙම වෙළඳපළ මිල ගණන් පහතට හෙළමින් ගොවීන් අසරණභාවයට පත්වීම වළක්වා ලීමට කඩිනම් මැදිහත්වීමක් සිදු කළ යුතුව ඇතැයි නිරීක්ෂණය කරන බවද එබැවින් කඩිනමින් මුං ඇට සඳහා සහතික මිලක් ස්ථායිකරණය කිරීම පිණිස ඔබ අමාත්‍යංශ විසින් සාකච්ඡා කොට ප්‍රකාශයට පත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ද අග්‍රාමාත්‍යවරයා සිය ලිපියෙන් අවධාරණය කර සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya