ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වාහන ආනයනය සඳහා වන තාවකාලික තහනම ඉවත් කෙරේ

    සැප්තැම්බර් 14, 2024

    මෙම වසරේ ඔක්තෝ­බර් පළමු වැනිදා සිට ක්‍රියා­ත්මක වන පරිදි අදි­යර කිහි­ප­යක් යටතේ වාහන ආන­ය­නය සඳහා අනු­මැ­තිය ලබා­දී­මට කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කළ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය. අද(14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    ඒ අනුව පළමු අදි­යර යටතේ පොදු මගී ප්‍රවා­හන වාහන, විශේෂ කාර්ය වාහන සහ අනෙ­කුත් යාන්ත්‍රික නොවන මෝටර් රථ අම­තර කොටස් ආන­ය­නය සඳහා 2024 ඔක්තෝ­බර් 1 වැනිදා සිට අව­සර දෙන අතර දෙවැනි අදි­යර යටතේ වාණි­ජ­මය හෝ භාණ්ඩ ප්‍රවා­හන කට­යුතු වෙනු­වෙන් භාවිත කරන වාහන ආන­ය­නය සඳහා 2024 දෙසැ­ම්බර් 1 වැනිදා සිට අව­සර දෙනු ලබයි. තුන්වන අදි­යර යටතේ පුද්ග­ලික භාවිත මෝටර් වාහන (මෝටර් රථ, වෑන්, ක්‍රීඩා මාදි­ලියේ වාහන ආදිය ඇතු­ළුව) ආන­ය­නය සඳහා 2025 පෙබ­ර­වාරි 1 වැනිදා සිට අව­සර දෙනු ලැබේ.

     මෙරට ආර්ථි­කය ප්‍රකෘ­ති­මත් කිරීමේ ක්‍රියා­මාර්ග සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ වන වැඩ­ස­ට­හන යටතේ වර්ත­මා­නයේ රට­තුළ පව­තින ආර්ථික හා පාරි­ස­රික සාධක සලකා බැලී­මෙන් අන­තු­රුව ආණ්ඩුව මෙම තහ­නම ඉවත් කිරී­මට තීර­ණය කර තිබේ. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ වාහන ආනයනය සීමා කර තිබුණද, විටින් විට අවශ්‍යතාව මත වාහන ආනයනය කිරීම සිදු කළ බවත්, උදාහරණයක් ලෙස පසුගිය වසරේදී සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය වාහන ආනයන කිරීමට ඉඩ ලබා දුන් බවයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya