ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද

    ඔක්තෝබර් 01, 2024

    පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද (01) සිට ලබන 8 වැනිදා  (ඔක්තෝබර් 08)  දක්වා සිදු කෙරේ. 

    තැපැල් ඡන්ද පහසුකම් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වන අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් සහ ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින් නොමිලේ ලබාගත හැකියි.

    ඒ අනුව, තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලු දෙනාගේම අයදුම්පත් 2024 ඔක්තෝබර් 08 දින හෝ එදිනට පෙර හෝ අදාළ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත ලැබිය යුතු අත‍ර අයදුම්පත්‍ර භාර ගැනීම අවසන් දිනයේ (08) මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලට ලැබිය යුතු අතර එදිනට අයදුම්පත්‍ර තැපෑලට භාර දීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගනිම සඳහා හේතුවක් නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya