ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබා දීමේ වැඩසටහනක් දිවයින පුරා

    ඔක්තෝබර් 03, 2024

    පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව දිවයින පුරා සිටින උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනා ගනිමින් එම සහතිකය දරුවන්ට ලබා දීමේ වැඩසටහනක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබේ.

    පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මටට්මින් සේවය කරන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මෙම කාර්යයයේ නියලෙන අතර උප්පැන්න සහතික නොමැති දරුවන්ට උප්පැන්න සහතික ලබා ගැනීමට අවශ්‍ය සහාය සහ එම දරුවන් පාසල්වලට ඇතුළත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි. 

    එසේ වුව ද තවදුරටත් සැලකිය යුතු දරුවන් ප්‍රමාණයක්  උප්පැන්න සහතික නොමැතිව විවිධ දුෂ්කරතාවලට මුහණ දෙන බවට වාර්තා වී  ඇත. 

    ඒ අනුව ඔක්තෝම්බර් මාසය පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මුණගැසී උප්පැන්න සහතික ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට හැකියාව පවතී.

    මෙම වැඩසටහන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමෙන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව ඔක්තෝම්බර් මාසය පුරා කිසිදු අයකිරීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

     

    Uppanna 1

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya