ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඊශ්‍රායල් කෘෂි රැකියාවලට 2,330 ක් පිටත්ව යයි

    ඔක්තෝබර් 04, 2024

    ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඒ අනුව මේ වන විට ශ්‍රි ලාංකිකයින් 2,330 ක් ඊශ්‍රායලයේ කෘෂි රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

    මේ අතර, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් 118 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම පසුගිය දා (02) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදුකරන ලදී.

    මෙම පිරිස ඔක්තොම්බර් 09,10,12 හා 13 දිනයන්හි ඊශ්‍රායලය බලා යාමට නියමිතයි.

    ඊශ්‍රායලයේ රැකියාවල නිරතව සිටින ශ්‍රි ලාංකිකයින්ට එරට පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ කිසිඳු කරදරයක් සිදු වී නොමැති බව එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මඟින් ද තහවුරු කර තිබේ.

    ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිඳු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya