ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි වාර්තා වූ දිනයේම විභාග කිරීමට උපදෙස්

    ඔක්තෝබර් 08, 2024

    පොලිස් ස්ථාන වෙත වාර්තා වන විවිධ පැමිණිලි නොපමාව විභාග කිරීමට හා මෙතෙක් විභාග අවසන් නොවූ පැමිණිලි සති දෙකක් ඇතුළත විභාග කර අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවට වැඩබලන පොලිස්පති විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් , කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ දිස්ත්‍රික් භාර නිලධාරීන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.

    ඒ අනුව පොලිස් ස්ථාන වෙත සුළු සිද්ධියක් වශයෙන් වාර්තා වන පැමිණිල්ලක් වඩා බරපතල අපරාධයක් බවට පත්වීම හා පොලිසිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය පළුදු වීම වැනි අගතිදායක තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා මින් ඉදිරියට පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි වාර්තා වූ දිනයේම විභාග කිරිම ආරම්භ කිරීමටත් පැය 48 ක් ඇතුළත විභාග අවසන් කිරීමටත් වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya