ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ 'PO LANG' පුහුණු රුවල් යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

    ඔක්තෝබර් 09, 2024

    මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව (Chinese People’s Liberation Army Navy Sail Training Warship) නිල සංචාරයක් සඳහා ඊයේ (2024 ඔක්තෝබර් 08) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

    මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Sail Training Vessel වර්ගයට අයත් ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව, දිගින් මීටර් 86 ක් සහා නැව් මුළුව පුහුණු වන නිලධාරීන් 35 දෙනෙකු ඇතුළුව 130 කගෙන් සමන්විත වේ.
    මෙම නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Ma Wenyong සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් ඊයේ (2024 ඔක්තෝබර් 08) බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවති අතර, දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා එම නෞකාවේ නැව් මුළුව සහභාගී විය.
    එමෙන්ම, මෙම පුහුණු රුවල් නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම නෞකාව තුළදී පැවැත්වීමටද නියමිතව ඇත.
    තවද, මෙම නිල සංචාරය අවසන් කරමින් ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව 2024 ඔක්තෝබර් මස 11 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya