ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දී සියලු රටවල් සමඟ සමබරව ගනුදෙනු කරනවා - අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක

    ඔක්තෝබර් 09, 2024

    ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සියලුම රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වන බවත් එහි භේදයක් නොමැති බවත්, රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දී සියලු රටවල් සමඟ සමබරව ගනුදෙනු කරන බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    ලෝක බැංකු ආධාර, ආසියානු සංවර්ධන බැංකු ආධාර යනා දී වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 200ක ප්‍රදානයක් ලබා දී තිබෙන බවත්, ආසියානු සංවර්ධන බැංකුව විසින් සංචාරක ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වෙනුවෙන් ආධාර කිරීමට සුදානම් වී තිබෙන බවත්, ඉන්දියාව පමණක් නොව චීනය සමඟත් ගනුදෙනු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

    එමෙන්ම යුධ අභ්‍යාස පුහුණුවක් සඳහා චීන යුධ නෞකාවක් ද මෙරටට පැමිණීමට නියමිතව තිබෙන අතර ඉන් මෙරටට හානියක් නොවන බව ද ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya