ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ඇල්පිටිය සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංවර්ධනයට දස අවුරුදු සැලැස්මක්

    ඔක්තෝබර් 09, 2024

    ඇල්පිටිය සහ බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සංවර්ධනය කිරීමට සහ සුභසාධන ව්‍යාපෘති හඳුනා ගැනීමට විශේෂ දස අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික සාකච්ඡාවක් KFHI(Korea Friends of Hope International) සංවිධානය පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

    මෙම වැඩසටහන අනුව දැනට ඇල්පිටිය සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තෝරාගෙන ප්‍රධාන අංශ හතරක් ඔස්සේ ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ළමා සංවර්ධනය සහ අධ්‍යාපන ජීවනෝපාය සංවර්ධනය, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, ආපදා අවදානම් කිරීම යන ක්ෂේත්‍ර හතර ඔස්සේ මෙලෙස සංවර්ධන ව්‍යපෘති මෙහිදි හඳුනා ගනිමින් පවතී.

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සැලසුම් පිළිබඳව ඉදිරිපත් කිරීමක් ද මෙහි දී සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට ගාල්ල අතිරේක දිස්‍ත්‍රික් ලේකම් චාමි රාජකරුණා ,අතිරේක දිස්‍ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) අයේෂා කාරියවසම් , සහකාර දිස්ත්‍රික් ලේකම් නලින්ද උදය කුමාර යන මහත්ම මහත්මින් ඇතුළු Korea Friends of Hope International ආයතනයේ මෙරට නියෝජිතයාවරයා ද සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya