ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බැවින් දැඩි අවදානයකින් පසුවන්න - වාරි මාර්ග දෙපාර්තමේන්තුව

    ඔක්තෝබර් 12, 2024

    පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය දුරටත් පවතින බැවින් ඒ අවට අවට ප්‍රදේශවල වෙසෙන ජනතාව සහ එම මාර්ගයන් හී ගමන්ගන්නා රියදුරන්ද දැඩි අවදානයකින් පසුවන ලෙසත් අනතුරු ඇඟවිමේ නිවේදනවලට අනුව කටයතු කරන ලෙසද වාරි මාර්ග දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කරණ අංශයයේ වාරි මාර්ග ඉංජිනේරු ජි.ඩබ්.ඒ සකුරා දිල්තාරා මහත්මිය පවසයි.


    ඒ මහත්මිය මාධ්‍යට අදහස් දක්වමින් වැඩි දුරටත් පැවසුවේ, දැනට පවත්නා ගංවතුර තත්ත්වයෙහි අත්තනගලු ද්‍රෝණියේ සහ කැළණි,කලු සහ ගිං යන ගංගා ද්‍රෝණින්හි ගංවතුර තත්ත්වය තව දුරටත් පවතින බවත් ඒ ආශ්‍රිත බොහෝ ප්‍රදේශයන්වලට මිලි මිටර 100කට ආසන්න වර්ෂාපතනයක් ඊයේ (11 ) අදෑසන සිට අද (12) අලුයම දක්වා ලැබී ඇති බවත්ය.

    එමෙන්ම වාරි මාර්ග දෙපාර්තුමේන්තුව අනතුරු ඇඟවුයේ අත්තනගලු ද්‍රෝණියේ දිවුලපිටිය , මීරිගම, අත්ත්නගල්ල ,මහර,ගම්පහ ,මිනුවන්ගොඩ,ජා ඇල කටාන සහ වත්තල යන ප්‍රාාදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වල විශාල ගංවතුර තත්ත්වයක් ඇති වන බවයි.

    තවද කැළණි ගංගාව ආශ්‍රිත බොහෝ ප්‍රදේශවලට මිලි මීටර 100කට ආසන්න වාර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඒ ආශ්‍රිත ප්‍රදේශයන්වලද ගං වතුර තත්ත්වය වර්ධනය වෙමින් බවත් කලු ගංගා නිමේනයේ සහ ගිං ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශයන් හී බද්දේගම සහ ඉන් පහළ බිම්වල වෙසෙන ජනතාවට දැඩි අවදානයකින් පසුවන ලෙසත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැඩි අවදානයෙන් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya