ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් බස්නාහිර පළාතේ ස්ථානගත කෙරේ

    ඔක්තෝබර් 13, 2024

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත  ඇදහැලෙන  අධික වර්ෂාපතනය හේතුවෙන්, පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා  බස්නාහිර පළාතේ ගම්පහ සහ කොළඹ  දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් හයක් (06) ස්ථානගත කිරීමට ඊයේ (2024 ඔක්තෝබර් 12) නාවික හමුදාව විසින්  කටයුතු කෙරිණි.

    ඒ අනුව,  නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත, අධික වැසි හේතුවෙන් අත්තනගලු ඔය සහ කැලණි ගඟ  පිටාර ගැලීමෙන්  කඩුවෙල, බියගම සහ ඉහළගම යන ප්‍රදේශ ආශ්‍රිත පහත්බිම් ගංවතුරෙන් යටවීම හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම වෙනුවෙන්, එම ප්‍රදේශ  වෙත මෙලෙස ගංවතුර ආපදා සහන කණ්ඩායම් හයක්  (06) ස්ථානගත කෙරුණු අතර, ඊයේ (2024 ඔක්තෝබර් 12) එම සහන කණ්ඩායම මඟින් ගංවතුර සහන මෙහෙයුම් සිදුකෙරිණි.

    තවද, අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා බටහිර නාවික විධානය තුළ අමතර ආපදා සහන කණ්ඩායම් විසි හතරක් (24), දකුණු නාවික විධානය තුළ  නවයක් (09) සහ වයඹ නාවික විධානය තුළ එකොලහක් (11) වශයෙන් අමතර ආපදා සහන කණ්ඩායම් හතලිස් හතරක් (44)  නාවික හමුදාව සූදානමින් තබා ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya