ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    මාතර ‌හෙද විදුහලට රු.මි. 167ක වියදමින් පරිපූර්ණ සිව්මහල් දේශන ශාලා සංකීර්ණයක්

    ඔක්තෝබර් 24, 2024

    මාතර හෙද විදුහලේ (නිල්වලා හෙද විදු පියස) සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 167ක මුල්‍ය ප්‍රතිපාදන මත නවීන පහසුකම්වලිවන් සමන්විතව ඉදිකරන ලද සිව්මහල් පරිපූර්ණ දේශන ශාලා සංකීර්ණය ඊයේ (23) හෙද අධ්‍යාපන කටයුතු සඳහා විවර කර දීමට කටයුතු කෙරිණි.

    මාතර හෙද විදුහල සංවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 410ක මුල්‍ය ප්‍රතිපාදන මත ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙදින සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිව්මහල් පරිපූර්ණ දේශණ ශාලා සංකීර්ණය විවෘත කිරිම සිදු විය. මීට ප්‍රථම රුපියල් මිලියන 165ක වියදමින් නේවාසිකාගාර සංකීර්ණයක් සහ රුපියල් මිලියන 65ක වියදමින් පරිපාලන ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කර ඇත. මෙම දේශන ශාලා සංකීර්ණය ලබාදීමත් සමඟ මාතර හෙද විදුහල අංග සම්පූර්ණ හෙද විදුහලක් බවට පත්වේ.

    වර්තමානය වන විට ළමුන් 425ක් හෙද අධ්‍යාපනය ලබන මාතර හෙද විදුහලට ලැබුණු මෙම නව දේශණ ශාලා සංකීර්ණය දේශණ ශාලා 04කින් සමන්විතය. එක් දේශණ ශාලාවක එකවර ළමුන් 100කට ආසන්න ප්‍රමාණයකට දේශණවලට සවන් දීමේ හැකියාව ඇත. පුස්තකාලයක්, තාක්ෂණික ඒකකයක්, ප්‍රායෝගික ක්‍රියාකාරම් අංශ 02 ක් සහ නවීන උපකරණවලින් සමන්විත 200කට පමණ රැස්විය හැකි ශ්‍රවණාගාරයක් ද මෙහි වේ.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ අද වනවිට මෙරට තිබෙන හොඳම හෙද විදුහලක් සතු සියලු පහසුකම් මෙම හෙද විදුහලට ලැබී තිබෙන බවයි. කලාපයේ රටවල් 11ක් අතුරින් ඉහළම සෞඛ්‍ය සේවාව පවතින රට ලෙස මේ සියලු පහසුකම් ලබාදීම තුළින් පරිපූර්ණ හෙද නිලධාරිනියක් බිහි කරමින් මෙරට සෞඛ්‍ය සේවාව තවත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවාවේ ඉදිරි ඉලක්කයන් ද ජයගැනීම අරමුණ වන බව ද, එමගින් මෙරට රෝගී ජනතාවට වඩා හොද, ගුණාත්මක, ප්‍රශස්ත, රෝගී හිතකාමී සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකිවන බව ද පැවසීය.

    උත්සව, සමරු පළකවලින් තොර විවෘත කිරීම් සිදු කරන අලුත් සංස්කෘතියක් සෞඛ්‍ය සේවාව තුළ ඇති කර තිබෙන බවත්, අත්‍යාවශ්‍ය පුටු මිලදී ගැනිම සඳහා රුපියල් ලක්ෂ 35ක මුදලක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

    සෞඛ්‍ය සේවාව රෝග නිවාරණ හා ප්‍රතිකාර අංශය වශයෙන් කොටස් දෙකකින් යුක්ත වන බවත්, හෙද සේවාව රෝග ප්‍රතිකාර අංශයටත් යම් ප්‍රතිශතයක් රෝග නිවාරණ අංශයටත් අයත් වන බවත්, මෙහිදී රෝග ප්‍රතිකාර අංශය සඳහා හෙද හෙදියන්ගේ සේවාව ඉතා වැදගත් වන බවද පෙන්වා දුන් සෞඛ්‍ය ලේකම්වරයා හෙද සේවාව සෞඛ්‍ය සේවාවේ පහන් ටැඹ වන බවත්, රෝගියා සමග පැය 24 ම ගත කරමින් සේවාවන් සිය ලබාදෙන බව ද පැවසීය.
    2007 ජනවාරි 08 දින මාතර හෙද විදුහල ආරම්භ කර ඇත.
    මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) දිනිප්‍රිය හේරත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු) එම්.සී.අයි හේරත්, මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න, මාතර හෙද විදුහලේ විදුහල්පතිතුමිය වන ගීතිකා නානායක්කාර යන මහත්ම මහත්මීන් ඇතුලු විශේෂ ශේණියේ හෙද නිලධාරින්, හෙද පාලිකාවන්, හෙද සිසු සිසුවියන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya