ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    "පුස්තකාල සේවා නවීකරණය සඳහා කෘත්‍රිම බුද්ධියේ පැමිණීම - අභියෝග සහ අවස්ථා" ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 30, 2024

    "පුස්තකාල සේවා නවීකරණය සඳහා කෘත්‍රිම බුද්ධියේ පැමිණීම - අභියෝග සහ අවස්ථා" යන තේමාව යටතේ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයක් ඊයේ (30)  දින කොළඹදී පැවැත්විණි. 

     

    පුස්තකාලයාධිපතිවරුන්, පර්යේෂකයන් සහ නවෝත්පාදකයින් පිරිසක් සහභාගී වූ මෙම සමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමසුරිය මහත්මිය සහභාගී විය. 

     

    උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය,

     

    "ඔබ පුස්තකාලාධිපතිවරුන් පමණක්ම නොවෙයි, දැනුම් සම්භාරයක භාරකරුවන් සහ ආරක්ෂකයින් වගේම අපගේ ඩිජිටල්කරණය වන අනාගතයේ මෙහෙයුම්කරුවන් පිරිසක්ද වනවා" යැයි ප්‍රකාශ කළාය. 

     

    ඩිජිටල් ප්‍රවේශය ප්‍රගමනය කිරීමේදී පුස්තකාල සහ පුස්තකාලයාධිපතිවරුන්ගේ ප්‍රධාන කාර්යභාරය පිළිබඳවද ඇය මෙහිදී අවධාරණය කළාය.

     

    දැනුම සඳහා ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම සහ සීමා සහිත සම්පත් සහ සැකසුම් තුළ ධාරිතාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ පුස්තකාල සේවා නවීකරණය කිරීමට කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේ හැකියාව මෙම සම්මන්ත්‍රණයේදී ගවේෂණය කරන ලදී. 

     

    දැනුම පරතරය අවම කිරීම සහ රට පුරා නවෝත්පාදනයන් පෝෂණය කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස පුස්තකාලයාධිපතිවරුන්ට සහය වීමට තම රජය කැපවී සිටින බවද පැවසූ අග්‍රාමාත්‍යවරිය ඩිජිටල් පරිවර්තනය සඳහා වන අපේක්ෂාවන් පිළිබඳවද ඉස්මතු කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya