ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    හජ් කෝටාව පිළිබඳ කළ ඉල්ලීම

    නොවැම්බර් 06, 2024

    හජ් වන්දනාවේ යාමට වත්කම් නොමැති ආර්ථික අපහසුතාවලින් පෙලෙන බස්නාහිර පළාතෙන් බැහැරව අනිකුත් පළාත්වල වෙසෙන ඉස්ලාම් බැතිමතුන්ටත් අවස්ථාව ලබා දෙන ලෙස, හජ් වන්දනාකරුවන්ට හිමිවන හජ් කෝටාව ලබා ඇති ආයතනවලින් රජය ඉල්ලීමක් කර ඇති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    දැනට තිබෙන හජ් කමිටුව හරහා ආයතන 88කට හජ් වන්දනාවේ යන 3500ක් සඳහා අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

    එමෙන්ම, හජ් කෝටාව ලබා දුන් ආයතන 88ක් තෝරා ගෙන තිබෙන්නේ ලකුණු දීමේ ක්‍රමවේදයකට අනුවයි.

    ඉදිරියේ දී මෙම 3500ක කෝටාව සාධාරණ ලෙස බෙදීයන ක්‍රමයකට ලබා දීමට රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya