ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ඇමැති විජිත හේරත් ගුවන්තොටුපළ ගැටලු සොයා බැලීමට යයි

    නොවැම්බර් 11, 2024

    ශ්‍රී ලංකන් එයාර්ලයින් සහ ගුවන්තොටුපළ සම්බන්ධීකරණය වන විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ප්‍රවාහන ,මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ අංශවල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ඊයේ (10) නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

    ඒ අනුව ගුවන් යානා ප්‍රමාදවීමේදී ඒ පිළිබඳ තොරතුරු ක්ෂණිකව ගුවන් යානා මගීන්ට සන්නිවේදනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක්  සකස්  කරන ලෙසත් ඒ සඳහා පැය 24  පුරා ක්‍රීයාත්මක වන විශේෂ ඒ්කකයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙසත් එහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.එසේම එම ප්‍රමාද කාලසීමාවේදී මගීන්ට උපරිම පහසුකම් ලබා දීමට අවශ්‍ය වන බවත් එම ප්‍රමාදයන් හැකිතාක් අවසන් කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    එම නිරීක්ෂණ චාරිකාවේදී ගුවන් තොටුපළේ සියලු අංශ කෙරෙහි අවධානය යොමු කළ අමාත්‍යවරයා ගැටලු රැසක් හඳුනාගෙන ඇති අතර එම ගැටලු කඩිනමින් විසඳන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya