ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ආණ්ඩුවේ ප්‍රධානම මෙහෙයුම වන්නේ දුප්පත්භාවය තුරන් කිරීමයි - ජනාධිපති අනුර කුමාර දිසානායක

    නොවැම්බර් 21, 2024

    ආණ්ඩුවේ ප්‍රධානම මෙහෙයුම වන්නේ ග්‍රාමීයව, නාගරිකව මෙන්ම විශේෂයෙන්ම කඳුකරය ආශ්‍රිතව පවත්නා දුප්පත්භාවය තුරන් කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
    ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (21) දසවන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ රාජාසන කතාව සිදුකරමිනි.

    මෙරට දුප්පත්භාවය තුරන් කළ යුතු යැයිද, අවුරුදු 70ක් 80ක් ජීවත් වන සෑම පුරවැසියෙකුටම සාධාරණ ආහාර වේලක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, ජීවත් වීමට නිවහනක්, ආදායම් මාර්ගයක් සහ මානසික නිදහසක් පුරවැසියාට අවැසි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
    දුප්පත්භාවය තුරන් කිරීම සඳහා ආරම්භයක් ලෙස දැනට ලබාදෙන අස්වැසුම දීමනාව එළඹෙන අයවැය ලේඛනයෙන් සාධාරණ පංගුවකින් වැඩිකරන බවද සඳහන් කළේය.
    පාසල් පොත් මිලදී ගැනීම සඳහා දුෂ්කරතාවයෙන් පෙළෙන පවුල් සඳහා නව වසර ආරම්භයේදී පාසල් යන දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමට දීමනාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් පැවසුවේය.
    මේ වන විටත් විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් 3000කින් ඔක්තෝබර් සිටි වැඩි කළ බව පැවසූ ජනාධිපතිවරයා එළඹෙන අයවැය ලේඛනයේදී සාධාරණ වැටුප් වැඩිකිරීමක් රාජ්‍ය සේවකයන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවද පැවසුවේය.
    මෙරට ළදරු මන්දපෝෂණයෙන් පෙළෙන අවුරුදු 05ට අඩු දරුවන් සිටින පවුල් වෙනුවෙන් යම් දීමනාවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට සූදානම් බවද පැවසුවේය.

    ගැබිනි මවුවරුන් ආරක්ෂා කරගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය වන පෝෂ්‍යදායක ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
    දැනට පවතින දුප්පත්භාවයෙන් ලබාගත නොහැකි භාණ්ඩ හා සේවා ලබාගැනීමට සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya