ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    නව සෞඛ්‍ය අමාත්‍යාවරයා ප්‍රථම වරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් සමග සාකච්ඡාවක්

    නොවැම්බර් 22, 2024

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ප්‍රථම වරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් සමග අද (22) සාකච්ඡා පැවැත්විණි .

    මෙහිදී සෞඛ්‍ය වෘත්තීකයින් මුහුණදෙන වෘත්තීය ගැටලු මෙන්ම ගුණාත්මක, ප්‍රශස්ත සහ විධිමත් සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යාම සදහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව පැවැත්වීම විශේෂත්වයකි.
    මෙම සාකච්ජා සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA), සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ACMOA), විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS), රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය (GDSA), සමස්ත ලංකා හෙද නිලධාරීන්‌ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (GNOA) යන වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් එක් විය.

    මෙම සාකච්ජා සදහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරීහු එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya