ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොඳ රාජ්‍යයක් බවට පත් කිරීමට කැපවෙමු

    නොවැම්බර් 22, 2024

    රාජ්‍ය සේවය පිළිබඳ පොදු ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමකින් තොරව ඉදිරියට යන්න බැහැ

    මෑත ඉතිහාසයේ මැතිවරණයකදී ලබාදුන් 80%කට ආසන්න වරමක් රාජ්‍ය සේවය ලබා දුන්නේ නව පරිවර්තනය ඔවුන්ගේ ද ප්‍රාර්ථනය නිසයි

    ව්‍යවස්ථා, නීතිවල කුමන අණපනත් තිබුණත් එසේම ප්‍රබල වන්නේ
    ජනතාවගේ බලයයි

    ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට දේශපාලන නායකත්වය ලබා දීම හැර ඉන් පිටත කිසිදු අරමුණක් රජයට නැහැ

    ජනපති ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ භාර ගනිමින් පවසයි

    එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොද රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට තමා ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද (22) පෙරවරුවේ අකුරේගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ දී එක් වෙමිනි.

    ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කාර්ය මණ්ඩලය විසින් ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබීය.

    අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවකට ද එක් විය.

    යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව රජය කැපවී සිටින බවත්, රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

    ව්‍යවස්ථා නීතිවල කුමන අණපනත් පැවතියත් එසේම ප්‍රබල වන්නේ ජනතාවගේ බලය බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී ලබාදුන් ජනවරමේ සංයුතිය සහ හැඩතල දෙස බැලූ විට ඔවුන්ගේ එම අපේක්ෂාවන් පිළිඹිඹු කෙරෙන බවද පැවසීය. එහිදි රාජ්‍ය සේවය මෑත ඉතිහාසයේ මැතිවරණයකදී ලබාදුන් 80%කට ආසන්න ප්‍රමාණයක වරමක් රජයට ලබා දුන්නේ මෙම වෙනස ඔවුන්ගේ ද ප්‍රාර්ථනයක් බවට පත්ව තිබෙන නිසා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    එබැවින් දේශපාලන අධිකාරිය ලෙස තම රජයට ජනතාවගේ මෙම අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා දේශපාලන නායකත්වය සැපයීම හැර ඉන් පිටත කිසිදු අරමුණක් නැති බව පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එය යතාර්ථයක් බවට පත් කර ගැනීමට රාජ්‍ය සේවකයන්ගේ සහාය අවශ්‍ය බවද කියා සිටියේය.

    සියලුදෙනා අපේක්ෂා කරන මෙම නව පරිවර්තනයේ දී රාජ්‍ය සේවය පිළිබඳ පොදු ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමකින් තොරව ඉදිරියට යා නොහැකි බවත්, දියුණු වූ සෑම රටකම එම ආර්ථික සහ සමාජයීය වර්ධනය සඳහා පිම්ම ගෙන දුන්නේ රාජ්‍ය සේවය බවත් පැවසීය.

    ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන්, ආරක්ෂක අංශ සාමාජිකයන්, ආරක්ෂක අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya