අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ජාත්‍යන්තර සංවර්ධනය සදහා වු එක්සත් ජනපද නියෝජිතායතනයේ ( USAID) SCORE ව්‍යාපෘතිය මේ සදහා අනුග්‍රහය ලබා දී තිබේ.
ලැප්ටොප් පරිගණක 61 ක් ඇතුලු සන්නිවේදන හා තාක්ෂණික උපකරණ බෙදාදීම මෙහිදී සිදු වු අතර, පරිගණක උපකරණ බෙදාදීමට අදාළව ලිපි ලේඛන හුවමාරු කිරීම ද මෙහිදී සිදු විය.
ජාත්‍යන්තර සංවර්ධනය සදහා වු එක්සත් ජනපද නියෝජිතායතනයේ SCORE ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් අංශයේ ප්‍රධානී J.Kaartthigeyan සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශයේ අතිරේක ලේකම් පී.කුගනාදන් යන මහත්වරුන් උපකරණ ලබාදීමට අදාළ ලිපි ලේඛන සඳහා අත්සන් කර ඇත.
තවද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය SCORE ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් දිස්ත්‍රික්ක 25 ම ආවරණ වන පරිදි පසුගිය වසර දෙකක කාලය තුළ ජාතික ඒකාබද්ධතා නිලධාරීන් සදහා පුහුණු වැඩ සටහන් 368 ක් ක්‍රියාත්මක කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය ආගමික සුහදත්වය සංහිදියාව වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් සිදු කිරීම අරමුණු කර ගනිමින් ලබා දෙන සහයෝගය පිළිබදව ඇමෙරිකානු තානාපතිනිය ඇතුලු සියලු දෙනාට අමාත්‍යවරයා එහිදී සිය ස්තූතිය පළ කළේය. වත්මන් රජය පිළිබදව දැඩි විශ්වාසයෙන් ජනතාව අති විශාල ජනවරමක් ලබා දුක් බවත් එම ජනවරමට අනුව කටයුතු කිරීමේදී ජාතින් අතර එකමුතුකම සංහිදියාව වැඩි දියුණු කිරීම මුලික වගකීමක් ලෙස සලකනු ලබන බවත් අමාත්‍යවරයා පැවසීය.
වත්මන් රජයට ලැබී ඇති ජනවරම අනුවම එකිනෙකා වෙන් වෙන් වශයෙන් හැඳින්වු කාලය අවසන්ව සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස සැලකිය යුතු කාලය එළඹ ඇති බවත් ජාති ආගම් ලෙස එකිනෙකා අතර අන්‍යොන්‍ය අවබෝධය අත්‍යවශ්‍ය කරුණක් බවත් නීතියේ ආධිපත්‍ය මෙන්ම රට තුළ සාමය සංහිදියාව වැඩි දියුණු කිරීම සදහා ජාතික ඒකාබද්ධතාවය ප්‍රධාන වන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය. සන්නිවේදන හා තාක්ෂණික උපකරණ ලබා දීම තුළින් ජාතික ඒකාබද්ධතා ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත්ව වත්මන් රජයේ අරමුණු සාක්ෂාත් වනු ඇතිවීම අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීය.