ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මෙවර උසස් පෙළ විභාග මධ්‍යස්ථානවල ජංගම දුරකතන භාවිතයට ඉඩකඩ ලබාදෙන්නේ ශාලාධිපතිවරුන්ට පමණයි

    නොවැම්බර් 25, 2024

    අද (25) ආරම්භ වූ 2024 උසස් පෙළ විභාගයේ විභාග මධ්‍යස්ථානවල ජංගම දුරකතන භාවිතයට ඉඩකඩ ලබාදෙන්නේ ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

    විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ පසුගියදා (23) මාධ්‍යයට අදහස් දක්වමිනි.
    පසුගිය විභාග වලදී ඇතිවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් විභාග ශාලාවේදී ශාලාධිපතිවරුන්ට පමණක් ජංගම දුරකතන භාවිතයට අවස්ථාව ලබාදී ඇතැයිද එසේ ඉඩ ලබාදී ඇත්තේ ඔවුන්ව සම්බන්ධීකරණයට අවැසි වන නිසා බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.
    වෙනත් කිසිදු කාර්යය මණ්ඩලයේ කෙනෙකුට හෝ අපේක්ෂකයන්ට ජංගම දුරකතන රැගෙන ඒම තහනම් බවද ඊට අමතරව අතිරේක ශාලාධිපතිවරුන් ලෙස පත්කරන අයට පමණක් එලෙස අවස්ථාව ලබාදී ඇතැයිද සඳහන් කළේය.
    පසුගිය විභාගවලදී ජංගම දුරකතන මගින් කාර්යය මණ්ඩලයේ පිරිසක් විභාගය ආරම්භ කළ පසු ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර වට්ස්ඇප් ඇතුලු විවිධ සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ එළියට යැවීමට උත්සාහ කළ අවස්ථා වාර්තා වුණු බවද මෙවර එවැනි තත්ත්වයන් වැළැක්වීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.
    ඉතාම තදින් සියලුම කාර්යය මණ්ඩලවලට උපදෙස් ලබාදී ඇතැයිද විවිධ ප්‍රදේශවල අතිරේක සහකාර ශාලාධිපතිවරුන් ලෙස විභාග මධ්‍යස්ථාන සඳහා 1200ක පමණ කාර්යය මණ්ඩලයක් යෙද වූ බවද ඔවුන්ගේ කාර්යය භාර්යය වනුයේ විශේෂයෙන් ප්‍රශ්න පත්‍රය පිටවීම වැළැක්වීම සහ ඉතාම ඉහළ මට්ටමේ ප්‍රමිතියකින් විභාගය පැවැත්වීමේ කාර්යය පවත්වාගැනීම බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya