ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

    නොවැම්බර් 26, 2024

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය නොවැම්බර් මස 25 දිනරාත්‍රී 1130 පමණ වනවිට මඩකලපුව සිට කී.මී. 29ක් සහ ත්‍රීකුණාමලයට කී.මී. 410 ක් පමන එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබුණි.එය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරුනැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං අපේක්ෂා කරයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම ,ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.200 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.

    දිවයිනේ සෙසු ප්‍රදේශවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

    උතුරු, උතුරුමැද , මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya