ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    යාපනය ශික්ෂණ රෝහලේ ස්වේච්ඡා සේවයේ නිරතවු සේවකයන්ගේ ගැටලු පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට

    නොවැම්බර් 26, 2024

    යාපනය ශික්ෂණ රෝහලේ වසර 3කට අධික කාලයක් ස්වේච්ඡා සේවයේ නිරත වූ සේවකයන්ගේ ගැටලු පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට යොමු වී ඇත.

    වසර තුනකට අධික කාලයක් යාපනය ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ ස්වේච්ඡා සේවයෙහි යෙදෙන 300 කට අධික සේවකයන් පිරිසක් මුහුණ පා ඇති ගැටලු පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට කරුණු ඉදිරිපත් කිරීම සඳහා එම සේවකයන්ගේ නියෝජිතයන් පිරිසක් අද (26) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පුර්ව දැනුම්දීමකින් තොරව පැමිණ තිබේ.

    පැමිණි සිටි පිරිස අමාත්‍යවරයා හමු වී සාකච්ඡා සිදු කළ අමාත්‍යවරයා එහිදී ඔවුන්  පෙන්වා දුන්නේ වසර ගණනාවක සිට තමන් යාපනය ශික්ෂණ රෝහල තුළ සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩල රාජකාරීවලට අදාළව සිය ස්වේච්ඡා සේවාවන් සපයන බවයි. සිය සේවාව ස්ථීර කිරීමට පියවර ගන්නා ලෙස ඔවුහු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

    එම කරුණු පිළිබඳව අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන් සමඟ මුලික සාකච්ඡාවක් පැවැත්විණි. අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ සිටි අනෙකුත් ස්වේච්ඡා සේවකයින් හමුවට පැමිණ අමාත්‍යවරයා එම පිරිස සමඟ ද සුහඳව කතාබහක නිරත වූ අතර එම සේවකයින්ගේ ගැටලුව පිළිබඳ සිය අවධානය යොමු කළේය.

    අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකවමින් අමාත්‍යවරයා කියා සිටියේ යාපනය ශික්ෂණ රෝහල තුළ ස්වේච්ඡාවෙන් සේවය කළ තරුණ තරුණයින් පිරිසක් සිය වෘත්තීය ගැටලුවකට විසඳුම් බලාපොරොත්තුවෙන් තමා හමුවී සාකච්ඡා කිරීමට යාපනයේ සිට කොළඹට පැමිණි සිටි අතර එම පිරිස සමඟ තමා ඉතා දීර්ඝ ලෙස සාකච්ජා කළ බවයි.

    වසර 03 කට වඩා වැඩි කාලයක් මෙම පිරිස යාපනය ශික්ෂණ රෝහල තුළ ස්වේච්ඡා සේවය සිදු කර තිබෙන බව සහ විශේෂයෙන්ම මෙම පිරිසේ සහයෝගය ඇතිව රෝහල් සේවා පවත්වාගෙන යන බව මෙහිදී අනාවරණය වූ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශනී මහත්මිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු නිලධාරීන් සමඟ මෙම ගැටලුව පිළිබඳව තමා සාකච්ඡා කළ බවත්, මෙම පිරිසට සාධාරණයක් ඉටු කර දීමට ඇති හැකියාව පිළිබඳව තමා කඩිනමින් සොයා බලන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya