ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් අතර හමුවක්

    නොවැම්බර් 27, 2024

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලීන් ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.


    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදු විය.

    වත්මන් රජය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ තුළින් ඉදිරියේ දී දියත් කිරීමට සැළසුම් කර ඇති ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ඡාවට ලක් වූ අතර, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ වැඩසටහන් කිහිපයක වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳව ද තොරතුරු විමසා බැලීමක් මෙහිදී සිදු විය.

    ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු රජය විසින් ශ්‍රී ලාංකිකයන්ට වඩාත් ප්‍රයෝජනවත් වන ව්‍යාපෘති සහ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බවත් ඉදිරියටත් මෙරට සෞඛ්‍ය සේවාව ඇතුලු සියලු සේවාවන් හි උන්නතිය සදහා සහයෝගය ලබාදීමට කටයුතු කරන බවයි.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලීන් ද ජයතිස්ස මහතා කියා සිටියේ මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමට මෙන්ම ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සදහා ඉන්දීය රජය දක්වන දායකත්වය ඉතා අගය කොට සලකන බවයි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩබලන ලේකම් කේ.එම් වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් පළමු ලේකම්වරුන් ලෙස Devika Lal සහ Navya Singla යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya