ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති

    නොවැම්බර් 29, 2024

    ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ඊයේ (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

    බුර්කිනා ෆාසො (Burkina Faso), බොස්නියාව සහ හර්සෙගොවිනා (Bosnia and Herzegovina) , අසර්බයිජාන ජනරජය (The Republic of Azerbaijan), ජෝර්ජියාව (Georgia), බෙලාරූස් ජනරජය (The Republic of Belarus), ආමේනියා ජනරජය(The Republic of Armenia), ස්පාඤ්ඤ රාජධානිය (The Kingdom of Spain), කොංගෝ ජනරජය (The Republic of Congo), සහ ගිනියා ජනරජය (The Republic of Guinea) සඳහා නව තානාපතිවරුන් ද කෙන්යා ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරයෙකු ද මෙලෙස පත්ව සිටී.
    අක්තපත්‍ර භාර දුන් නව මහකොමසාරිස්වරයාගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ
    01. Dr. Desire Boniface Some
    ආචාර්ය ඩෙසිරේ බොනිෆස් සම් – නවදිල්ලියේ පිහිටි බුර්කිනා ෆාසො තානාපති
    02. Mr. Haris Hrle
    හැරිස් හර්ලේ මහතා – නවදිල්ලියේ පිහිටි බොස්නියාව සහ හර්සගොවිනා තානාපති
    03. Mr. Elchin Huseynli
    එල්චින් හුසෙයින්ලි මහතා – නවදිල්ලියේ පිහිටි අසර්බයිජාන ජනරජයේ තානාපති
    04. Mr. Vakhtang Jaoshvili
    වක්ටන්ග් ජෝෂ්විලි මහතා – නවදිල්ලියේ පිහිටි ජොර්ජියාවේ තානාපති
    05. Mr. Mikhal Kasko
    මිහයිල් කස්කො මහතා – නවදිල්ලියේ පිහිටි බෙලරූස් ජනරජයේ තානාපති
    06. Mr. Vahagn Afyan
    වාහන් ආෆ්යාන් මහතා – නවදිල්ලියේ පිහිටි ආමේනියා ජනරජයේ තානාපති
    07. Mr. Juan Antonio March Pujol
    යුවාන් ඇන්ටෝනියෝ මාර්ච් පුහොල් මහතා – නවදිල්ලියේ පිහිටි ස්පාඤ්ඤ රාජධානියේ තානාපති
    08. Mr. Raymond Serge Bale
    රේමන්ඩ් සර්ගේ බලේ මහතා – නවදිල්ලියේ පිහිටි කොංගෝ ජනරජයේ තානාපති
    09. Mr. Munyiri Peter Maina
    මුනියිරි පීටර් මයිනා මහතා – නවදිල්ලියේ පිහිටි කෙන්යා ජනරජයේ මහ කොමසාරිස්
    10. Mr. Alassane Conte
    ඇලසාන් කොන්ටෙ මහතා – නවදිල්ලියේ පිහිටි ගිනියා ජනරජයේ තානාපති

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya