අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook

    අද (01) දවසේ කාලගුණය

    දෙසැම්බර් 01, 2024

    නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල්(FENGAL) සුළිකුණාටුව 2024 නොවැම්බර් 30 වැනි දින ප.ව. 11.30 පමණ වන විට උතුරු තමිල්නාඩු - පුදුචේරි වෙරළ තීරය හරහා ගමන් කරමින් ඉන්දියාව තුලට ඇතුල් වී ඇත. එය ඉදිරි පැය 3 තුළදී බටහිර-නිරිත දෙසට සෙමින් ගමන් කර ක්‍රමයෙන් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වීමට ඉඩ ඇති අතර මෙම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතී.

    උතුරු පළාතේ අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya