නැගෙනහිර පළාතේ අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර මඩකලපුව සිට සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වාවන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.