ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය සංශෝධනය කෙරේ

    දෙසැම්බර් 03, 2024

    අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් කාලය දීර්ඝ කිිරීමටත් කාණ්ඩ 4ක් යටතේ මෙම පවුල් සඳහා ප්‍රතිලාභ හිමිවන බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
    ආර්ථික අර්බුදයේ බලපෑම සම්පුර්ණයෙන් පහව ගොස් නොමැති බැවින් සංක්‍රාන්තික සහ අවදානමට ලක් වූ කාණ්ඩවලට අදාළ ව පළමු වටයට තේරී ඇති පවුල් සහ තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති දෙවන වටයේ අයදුම්පත්වලට අදාළව තෝරාගත් පවුල් සඳහා තවදුරටත් කෙටි කාලයකට සහන සැලසීමේ අවශ්‍යතාව පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    ඒ අනුව දැනට බලපවත්නා අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය සං‍ශෝධනය කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
    දුප්පත් සහ අන්ත දිළිඳු සමාජ කාණ්ඩ සඳහා දැනට ගෙවනු ලබන මාසික ප්‍රතිලාභ දීමනාව පිළිවෙළින් රුපියල් 8500 සිට රුපියල් 10000 දක්වාත් රුපියල් 15000 සිට රුපියල් 17500 දක්වාත් වැඩි කෙරෙන බවත් ඒ අනුව සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුව අනුමත කරනු ලබන දින සිට ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
    එසේම සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවන කාලසීමාව 2025 වර්ෂයේ මාර්තු මස 31 වැනි දින දක්වා වලංගු වන සේ දීර්ඝ කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවත් අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවන කාලසීමාව 2025 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා වලංගු වන සේ දීර්ඝ කිරීමටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය 2023 වර්ෂයේ ජූලි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක කර ඇති අතර අංක 2384/30 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගිවන් නැවත සංශෝධනය කර 2024 වර්ෂයේ ජූලි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya