ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    අනවශ්‍ය පරිදි ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් වළකින්න - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    දෙසැම්බර් 05, 2024

    අනවශ්‍ය පරිදි ප්‍රතිජීවක ඖෂධ එනම් ක්ෂුද්‍රජීවී නාශක භාවිතයෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ ඊයේ (04) ලෝක ප්‍රතිජීවක ප්‍රතිරෝදය පිළිබඳව දැනුවත් කිරීමේ සතියට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
    විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධයක් භාවිතා කරනවා නම් පිළිගත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත, පිළිගත් මාත්‍රාව අනූව අදාළ වෛද්‍යවරයා නියම කරන කාල සීමාව සඳහා පමණක් එම ප්‍රතිජීවක ලබාගත යුතු බවත් ඇතමුන් ෆාමසිවලින් ප්‍රතිජීවක ඖෂධ ලබාගන්නා අතර එසේ ලබාගැනීම හා ෆාමසිවලින් එලෙස ඖෂධ නිකුත් කිරීම වැරදි බවත් ඔහු පෙන්වා දුන්නේය.
    ප්‍රතිජීවක ඖෂධයක් වෛද්‍යවරයා නියම කළ දින ගණනට වඩා අඩුවෙන් ගැනීමත්, එම දින ගණනට වඩා වැඩි දින ගණනක් භාවිතා කිරීමත් නුසුදුසු බවද සඳහන් කළේය.
    ප්‍රතිජීවක ඖෂධ ගැනීමේදී වෛද්‍යවරුන් නියම කරන ආකාරයට ගතහොත් සෑහෙන වියදමක් අඩු කරගත හැකි බවද අනවශ්‍ය ලෙස රෝහල්ගත වීමට අවශ්‍ය නොවන බවද ඒ මහතා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya