මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද සහභාගි වී සිටියා ය.
වාර්ගික හා ආගමික බෙදීම්වලින් තොරව ජාතික සමගිය පෝෂණය කිරීම අරමුණු කරගත් රජයේ ප්‍රතිපත්තිය මෙහි දී ෆ්‍රැන්චේ මහතාගේ ඇගයීමට ලක්විය.
දේශපාලනඥයන් කෙරෙහි මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා ව්‍යවස්ථාදායක ක්‍රියාවලියේදී මහජන අදහස් ලබා ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
එසේම ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යභාරය පැහැදිළි කළ ඒ මහතා විවිධ සංවර්ධන වැඩසටහන් හරහා මෙරටට සහය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව පෙන්වා දුන්නේය.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පිහිටුවීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළ ෆ්‍රැන්චේ මහතා, ව්‍යවස්ථාදායක රාමුව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතුළු අනෙකුත් සාධනීය පියවරයන් පවත්වාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
තවද මෙහි දී අදහස් දක්වමින් ගරු කථානායක ආචාර්ය අසෝක රන්වල මහතා, දසවැනි පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු කාරක සභා පිහිටුවීම පිළිබඳව දැනුවත් කළේය.
කාරක සභාවල ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා කාරක සභාවලට අදාළ කාර්යයන් අතිච්ඡාදනය නොවන ලෙස වඩා විධිමත්ව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද කථානායකවරයා මෙහි දී අවධාරණය කළේය.
යහපත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම, තිරසාර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ දේශපාලනයේ කාන්තා හා තරුණ නියෝජනය වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහි දී අදහස් හුවමාරු විය.