ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදා ව්‍යාපෘතිය මඟින් ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ජනතා අයිතියට

    දෙසැම්බර් 06, 2024

    ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, හොරොව්පතාන ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයේ ගම්මහේගේවැව ශ්‍රී බෝධිරුක්ඛාරම විහාරස්ථාන භූමියේ සහ පදවිය ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයේ අරුණගම ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථාන භූමියේ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 05 වැනි දින සිදු කෙරිණි.

    ඒ අනුව, මෙම විශේෂ ව්‍යාපෘතිය යටතේ මේවන විට ජල පිරිපහදු මධ්‍යස්ථාන 09ක් ස්ථාපනය කෙරුණු අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, තඹුත්තේගම, කැකිරාව, තලාව, කහටගස්දිගිලිය, නොච්චියාගම, සහ තිරප්පනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් තුළ ස්ථාපනය කෙරෙන තවත් ජල පිරිපහදු මධ්‍යස්ථාන 22ක් දෙසැම්බර් මස 13 වැනි දින වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya