සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍ය සේවාවේ සියළු වෘත්තීය සමිති සමග සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබදව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස්, යෝජනා හා දායකත්වය ලබාගැනීමේ සාකච්ඡාමය වැඩසටහන අතරතුර දීය.
වෘත්තීය සමිති සමග පවත්වන සාකච්ඡා මාලාව යටතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA), සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ACMOA), විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS), රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය (GDSA), සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (GNOA) ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සමග පසුගිය දින කිහිපයේ ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා මාලාවක් අමාත්‍යවරයා පවත්වනු ලැබීය.
ඉහත සාකච්ඡා මාලාව තවත් ඉදිරියට ගෙනයමින් පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය, සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා සුව සේවා සංගමයේ පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සමග ද අමාත්‍යවරයා පසුගියදා සාකච්ඡා මාලාවක් පවත්වන ලදි.
වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී ඉදිරිපත් කරන ලද බොහොමයක් ගැටලු සහ යෝජනාවන් ඉතා සාධාරණ බව පැවසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එම ගැටලු වලට විධිමත්, සාධාරණ විසදුම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද පැවසීය.
සෞඛ්‍ය සේවාවේ නිරත විශේෂඥ වෛද්‍යවරයාගේ සිට පහළම සේවක මහතා දක්වා සියලුම කාර්ය මණ්ඩල සේවාවට එහා ගිය මානුෂීය කාර්යක් ඉටු කරන බවද, එම විශිෂ්ට සේවාව නිසා වර්තමානය වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරන සුභවාදී අපේක්ෂිත ඉලක්කයන් කරා ලගාවීමට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට හැකියාව ලැබී තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කලේය.
ගුණාත්මක, ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබා දීම සදහා වත්මන් රජය ගෙන යනු ලබන නව වැඩපිළිවෙලට සියලුම වෘත්තීය සමිති වල සහය නිබදව ලබාදෙන ලෙස මෙහිදී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෘත්තීය සමිති වෙතින් විශේෂ ඉල්ලීමක් කළේය. අමාත්‍යවරයාගේ ඉල්ලීමට අනුව අවශ්‍ය උපරිම සහාය කොන්දේසි විරහිතව ලබාදෙන බව වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී අවධාරණය කර සිටියේය.
වර්ථමානයේ පවතින වෘත්තීය ගැටලු වලට විසදුම් සෙවීම පමනක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශය හා වෘත්තීය සමිති අතර අන්තර් සම්භන්ධතාවය, සුහදශීලිභාවය සහ මිත්‍රශීලීභාවය වර්ධනය කරගැනීමේ අරමුණ ද මෙවන් සාකච්ඡා පැවැත්වීම තුළ කැටිව තිබෙන බවද පැවසූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය හා බැදී පවතින වෘත්තීය සමිති ව්‍යාපාරය වසර 130 කට අධික දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අභිමානවත් ව්‍යාපාරයක් බවද මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.
මෙම සාකච්ඡාමය අවස්ථාවන් වලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශණී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ද අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් මෙන්ම වෘත්තීය සමිති නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් ද සහභාගි වූහ.