ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් සියලු ආයතන, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම මහජන දිනය පැවැත්වේ.
එහිදී, එම අමාත්‍යාංශයට අදාළ මෙතෙක් නොවිසඳුනු ජනතා ගැටලු වගකිවයුතු බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව සැලසෙන අතර සුදුසු විසඳුම් ඒ මොහොතේදීම ලබාදීමට අමාත්‍යාංශය විසින් ඉහළම ප්‍රමුඛත්වය දෙනු ලැබේ.