ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වැනි සංවත්සරයට සමගාමීව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නිර්දේශය මත විවිධ තරාතිරම් වලට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 2,138ක් අද(09) දින ඊළඟ තරාතිරමට උසස් කිරීමට කටයුතු කර ඇත.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් 74 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158ක් ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 279ක් ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 406ක් ද, සුළු නිලධාරී තරාතිරම දක්වා නාවිකයින් 391ක් ද, ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 539ක් ද, සමූහ ප්‍රධාන සුළු නිලධාරී දක්වා නාවිකයින් 354 ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරී දක්වා නාවිකයින් 11ක් ද, වශයෙන් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,138 ක් ඊළඟ තරාතිරම දක්වා උසස් කිරීම සිදු කර තිබේ.