අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙම වාහන ආනයනය සම්බන්ධ තීන්දුව ගනු ලැබුවේ රටේ පවත්නා ආර්ථික තත්ත්වය, ආර්ථික ඉලක්ක සහ රටේ පවත්නා සංචිත පිළිබඳව හොඳ අවබෝධයකින් මෙන්ම මුදල් අමාත්‍යංශයේ ඉතාම ළඟ සුපරීක්ෂාවක් යටතේ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් විවිධාකාර ප්‍රචාරණ සිදුකරමින් ජනතාව නොමග යවන හා අපහසුතාවයට පත්කරන දේවල් කිරීම නුසුදුසු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
සීමාවන්ට යටත්ව වාහන ආනයනයට අවසර ලබාදෙන බවත් කවර වර්ගයේ වාහන ගෙන්වන්නේද යන්න පිළිබඳව තව නොබෝ දිනකින් අමාත්‍යංශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.