රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ දේශීය ව්‍යාපාරිකයන් අතර පැවැති ඇණවුම් ලබා දීමේ ක්‍රියාවලියේ අඩුපාඩු පැවති බවත්, මේ වන විට එය නිවැරදි කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඖෂධ වර්ග 350කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා රුපියල් බිලියන 50කට ආසන්න ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්ව මේ වන විට අනුමැතිය ලබා තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
දේශීය නිෂ්පාදයින්ට අවම වශයෙන් මාස 03ක පමණ පෙර ඖෂධ නිෂ්පාදනය සඳහා ඇණවුම් ලබා දිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වන විට එම ප්‍රමාදය නිවැරදි කර ඒ් අනුව දේශීය නිෂ්පාදකයින් එම නිෂ්පාදනය ආරම්භ කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.