ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රංශ රජයේ, යුරෝපා සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ මහලේකම් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

    දෙසැම්බර් 12, 2024

    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ප්‍රංශ රජයේ යුරෝපා හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ මහ ලේකම් Anne-Marie Descôtes මහත්මිය අතර හමුවක්  දෙසැම්බර් 11 වැනිදා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

     මෙම හමුවේ දී ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණ.

    දෙරට අතර සබඳතාව තවත් ශක්තිමත් කිරීමට ප්‍රංශයේ කැපවීම මහලේකම් Descotes මෙහි දී අවධාරණය කළාය. එසේම, මෙම සාකච්ඡාවේදී සමුද්‍රීය අධ්‍යයනය සඳහා වූ කළාපීය මධ්‍යස්ථානය  (RCMS)සමග ගිවිසුම්ගත වීමේ  වැදගත්කම අවධාරණය කළ අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා ඇති අවස්ථා පිළිබඳව අවධානය යොමු කරන ලදී.

    ප්‍රංශ රජය සමඟ සබඳතා ශක්තිමත්ව පවත්වාගැනීම සඳහා  ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පිළිබඳව අවධාරණය කළ අගමැතිවරිය, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාස, පාරිසරික ආරක්ෂාව සහ සමුද්‍රීය සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ප්‍රංශය සමග සහයෝගිතාවයෙන් කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කළාය.

    අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් (සංවර්ධන) මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු අමෙරිකානු අංශයේ සහකාර අධ්‍යක්ෂ අතුරලිය යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya