ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    අමාත්‍ය බිමල් රත්නායක මහතා කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක

    දෙසැම්බර් 13, 2024

    ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතවක්කු මහතා අද(13) කොළඹ වරායේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    එහි දී, නැගෙනහිර බහාලුම් පර්යන්තය, බටහිර බහාලුම් පර්යන්තය, ජය බහාලුම් පරයන්තය, CICT සහ SAGT යන යන සියලු පර්යන්ත වලට ගොස් සේවක ගැටළු පිලිබඳව සාකච්ඡා කර එම ගැටළු විසඳීම සඳහා අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් අතර, කොළඹ වරාය ආකර්ශනීය වරායක් කරගැනීමට අවශ්‍ය දිරිමත් කිරීම සහ නෞකා පැමිණීම වැඩිකරගැනීමට මෙන් ම බහාලුම් ප්‍රමාණය වැඩිකරගැනීමට අවශ්‍ය උපදෙස් ද ලබා දුන්නේය.
    විශේෂයෙන් නැගෙනහිර බහාලුම් පර්යන්තයේ කටයුතු අවසන් කිරීමේ ප්‍රමාදය නිසා සිදු වූ පාඩුව ගැන විමසා බැලූ අමාත්‍යවරයා එය 2025 ජූනි මස අවසන් කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට ද අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
    සියලු අංශ වල සේවකයින් හා සුහද කතා බහක නිරත වෙම්න් සිදු කළ මේ චාරිකාව තුළ අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කළ වැදගත්ම කරුණක් වූයේ , මෙම වරායේ විවිධ නමින් පර්යන්ත ක්‍රියාත්මක වුව ද සියල්ලන් එකමුතුව මෙය "කොළඹ වරාය" ලෙස ජාත්‍යන්තරයේ බබලවන්ට කටයුතු කිරීම ඉතා වටිනා බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya