අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook

    හඳුනා නොගත් කාලීන වකුගඩු රෝගය මැඩපැවැත්වීමට දැඩි ලෙස කැප වෙනවා - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා

    දෙසැම්බර් 15, 2024

    ශ්‍රී ලංකාවට ඉමහත් සෞඛ්‍ය ගැටලුවක් වී ඇති ‘හදුනා නොගත් කාලීන වකුගඩු රෝගය’ මැඩපැවැත්වීම සඳහා වර්තමාන රජය දැඩි ලෙස කැපවී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    ඇමතිවරයා මේ බව සඳහන් කළේ හේතුව හඳුනා නොගත් කාලීන වකුගඩු රෝග මැඩපැවැත්වීම ආශ්‍රිතව සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය, චීන විද්‍යා ඇකඩමිය සහ මෙරට විද්වතුන්ගේ සහයෝගීතාවයෙන් ඒකාබද්ධව සිදු කළ පර්යේෂණ එළිදැක්වීම වෙනුවෙන් ඊයේ (14) බත්තරමුල්ල දී පැවති වැඩමුළුවේ සමාරම්භක උත්සවය අමතමිනි.

     

    මෙම වැඩමුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය මගින් සංවිධානය කරනු ලැබු අතර මෙහිදී චීන විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලාංකීය විද්වතුන් විසින් සිදු කරන ලද වකුගඩු රෝග ආශ්‍රිත පර්යේෂණ එළිදැක්වීම සිදුවිය.

     

    මෙම පර්යේෂණ මගින් සොයා ගත් කරුණු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරි කාලයේ අධ්‍යයනය කර ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයන් පිළිබඳ නිර්දේශ කිරීමට නියමිතයි.

     

    එම නිර්දේශ වකුගඩු රෝගයේ ව්‍යාප්තිය අවම කරගැනීම සඳහාත්, ප්‍රතිකාර කටයුතු ශක්තිමත් කිරීම සඳහාත් ඉදිරි සැලසුම් සකස් කිරීමේ දී පාදක කර ගැනීමට ද යෝජිතය.

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ඉමහත් සෞඛ්‍ය ගැටලුවක් වී ඇති හේතුව හඳුනා නොගත් කාලීන වකුගඩු රෝග මැඩපැවැත්වීම සඳහා වර්තමාන රජය දැඩිලෙස කැපවී කටයුතු කරන බවත් එමෙන්ම ඉදිරියේදී වකුගඩු රෝගීන් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමේ කටයුතු සඳහා සැලසුම් සකස් කර ගැනීමට මෙම පර්යේෂණ තුළින් අවස්ථාව ලැබෙනු ඇති බවත් අමාත්‍යරවයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

     

    ජල ලීටර් 5000ක ධාරිතාවයකින් යුත් (දිනකට සරිලන) විද්‍යුත් විච්ඡේදක තාක්ෂණය මත පදනම් වූ ජල පිරිපහදු ඒ්කකයක් චීන විද්‍යා ඇකඩමියේ පරසර හා පරිසරික විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය මින් යැංග් මහතා (Prof. Min Yang) විසින් මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පරිත්‍යාග කිරීමද සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya