එක්සත් ජාතීන්ගේ සංවිධානගේ මෙරට නේවාසික නියෝජිත මාර්ක්-ඇන්ඩ්‍රෙ ෆ්රාන්ෂ් (Marc-André Franche), මහතා ඇතුලු නියෝජිත පිරිසක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවු අවස්ථාවේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිතවරයා මෙම අදහස් පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා දීර්ඝ කාලයක් පුරා මෙරට රජය සහ ජනතාව සමඟ ගෙනගිය හවුල්කාරිත්වය තවත් ශක්තිමත් කරමින් ඉදිරියටද අඛණ්ඩව කටයුතු කරන බව පැවසීය. පසුගිය මැතිවරණය තුළ ලබාදුන් විශාල ජනවරමත් සමග මහජන අපේක්ෂාවන් ද ඉහළ මට්ටමක පවතින බැවින් ඉදිරි කාලසීමාව අභියෝගාත්මක වනු ඇති බව ද නේවාසික නේවාසික නියෝජිතවරයා මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වැඩසටහන් තුලින් ආර්ථික සහ සෞඛ්‍ය අභියෝගයන් ජයගැනීමට දරන්නා වූ ප්රයත්නයටත් ප්‍රජාව අතර, ජාතික සමගිය සඳහා වූ ශ්‍රී ලංකා නව රජයේ සුවිශේෂී මුලපිරීමටත් මෙහිදී පැසසුම් එක් කළ නේවාසික නේවාසික නියෝජිතවරයා විවිධ කණ්ඩායම් අතර විශ්වාසය වර්ධනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස විශාල කාර්යභාරයක් සිදු කිරිමේ හැකියාවක් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පවතින බවත් පැවසීය. එමෙන්ම රට තුළ තිරසාර සාමයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන නව රජයේ මුලපිරීම සඳහා ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබා දෙන බවද මෙහිදී පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව තුළ සිය කටයුතු දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක කරමින් ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් භුක්ති විඳීමට මෙන්ම සහතික කිරීමට අඛණ්ඩව කටයුතු කර ඇති බව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිහිපත් කළේය.
එමෙන්ම දීර්ඝ කාලීනව මෙරට සංවර්ධන කටයුතු වල දීත්, හදිසි ව්‍යසන අවස්ථා වලදීත්, මතුවු අභියෝගයන්ට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, සිවිල් සමාජය, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජාව, ද්විපාර්ශ්වික පරිත්‍යාගශීලීන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ එක්ව පුළුල් පරාසයක හවුල්කාරිත්වයන් තුලින් සහාය ලබාදී ඇති බවද සඳහන් කළේය.
සෞඛ්‍ය සේවාවේ මෙන්ම සමස්තයක් ලෙස මෙරට ආර්ථික සාමාජීය, සංස්කෘතිය ආදී සියළු ක්ෂේත්රයන් හි ඉදිරි ප්රගමනයන් සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග හවුල් කාරීත්වයෙන් ඉදිරියටත් කටයුතු කිරිමට ලැබීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව ද මෙහිදී, නියෝජිත පිරිස අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කණ්ඩායමේ නියෝජිතයින් ද මෙහිදී ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක ජයගැනිම සදහා වන සිය කාර්යයන් සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව වෙන් වෙන් වශයෙන් ඉතා දීර්ඝ ලෙස අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කිරිම විශේෂත්වයක් විය.
මෙම සාකචඡාව සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්යක්ෂ අබ්දුර්රහීම් සිද්දිකි (Abdur Rahim Siddiqui -WFP), එක්සත් ජාතීන්ගේ කෘෂිකර්ම සහ ආහාර සංවිධානයෙ නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් (Vimlendra Sharan-FAO), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නේවාසික නියෝජිත අසුzසා කුබෝටා (Azusa Kubota-UNDP), එක්සත් ජාතීන්ගේ ලෝක ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් හි ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්තියන් ස්කූග්(Christian Skoog-Unicef), එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුන්ලේ අදිනියි (Kunle Adeniyi-UNFPA), ජාතයන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා අධයක්ෂ ජෝනි සිම්සන් (Joni Simpson – ILO), ව්‍යයාපෘති සේවා සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලගේ කලාපීය අධයක්ෂ චාල්ස් කැලනන් (Charles Callanan – UNOPS), ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය ප්‍රධානී වෙෙද්‍ය ෂලාලා අහ්මදෝවා (Shalala Ahmadova-WHO) යන මහත්ම මහත්මීන් ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද එක්විය.