ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය.
දෙරට අතර ආර්ථික, සංස්කෘතික සහ සංචාරක සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණ.
දීර්ඝකාලීන සබඳතාවයට මැලේසියාවේ කැපවීම මහ කොමසාරිස්වරයා මෙහි දී තහවුරු කළේය.
ආයෝජන අවස්ථා, විදුලි සංදේශ සහ මෝටර් රථ එකලස් කිරීම වැනි ක්ෂේත්‍ර කෙරෙහි සහයෝගීතාව සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යංශයේ අග්නිදිග ආසියාව සහ මධ්‍යම ආසියානු අධ්යක්ෂ ජනරාල් ශෂිකලා ප්‍රේමවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග ආසියාවේ සහ මධ්‍යම ආසියානු අංශයේ අධ්යක්ෂ තිළිණි ඉහළගේ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක් විය.