බිබිල සහ අම්පාර ප්‍රදේශ අතර මැදිව පිහිට ඇති රතුගල ආදිවාසී ගම්මානයේ පවතින ගැටලු පිළිබඳව, රතුගල ආදිවාසී නායකයා විසින් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරතන මහතා දැනුවත් කරන ලදී.
රතුගල ආදිවාසී නායකයා ඊයේ (16) අමාත්‍යවරයා හමුවීමට බත්තරමුල්ල පිහිටි අමාත්‍යංශ කාර්යාලයට පැමිණි අවස්ථාවේ දී මේ පිළිබඳව දැනුවත් කර තිබේ.
එම ගම්මානයේ ජනතාව මුහුණපාන ගැටලු හා අනෙකුත් පරිසර ගැටලු සම්බන්ධව මෙහිදී සකච්ඡාවට ලක් වූ අතර එම ගැටලු හඳුනාගනිමින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.