අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය ජාතික සංවර්ධන ප්‍රමුඛතාවන්ට අනුව ජාතික ඉලක්ක සපුරා ගැනීම සඳහා ආරම්භයක් වනු ඇති බවයි.
හයවෙනි ආසියානු සංවර්ධන සමුළුවේ සමාරම්භක දේශන කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේ ය.
ආසියානු සංවර්ධන සමුළුව, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති බැම්බැන්ග් සුසන්ටෝනෝ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී අද (18) ආරම්භ කෙරිණි.
වැඩිදුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා,
“ නව දේශපාලනික වාතාවරණය යටතේ යටිතල පහසුකම් (අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපල ආදී) වැනි විශේෂිත අංශවල සංවර්ධනය කෙරෙහි නොව රටේ සාකල්‍ය හා සමතුලිත සංවර්ධන මාර්ගයක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
එමනිසා 2030 න්‍යාප පත්‍රයට අභ්යන්තරීකරණයවීම අප රටේ පවත්නා ප්‍රතිපත්ති සමාලෝචනයට, ක්‍රමවේදයන් සැලසුම් කිරීම හා තිරසාර සංවර්ධන අරමුණු හා ජාතික සංවර්ධන ප්‍රමුඛතා වලට අනුව ජාතික ඉලක්ක ගලපාගැනීම සඳහා ආරම්භයක් වනු ඇතැයි සිතනවා.
2015 අගෝස්තු මාසයේ එ.ජා.මහ සභාව ඇමතීමේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසූ පරිදි, දුප්පත්කම දුරලීම ආහාර සුරක්ෂිතාවය ළඟාකරගැනීම බලශක්තිය අධ්‍යාපනය ආදායම් විෂමතාවය අවමකිරීම හා නාගරික සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමුකරමින් වසර 2030 වනවිට තිරසාර සංවර්ධන අරමුණු ළඟාකරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් රාජ්‍ය සමඟ එක්ව කටයුතු කරන බවට පොරොන්දු වුණා.
තව ද 2015 නොවැම්බර් මස 05 වන දින ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ජාතිය අමතා කරන ලද ආර්ථික ප්‍රතිපත්ති ප්රකාශයේදී රටේ සංවර්ධනය සඳහා වන ආර්ථික ක්‍රමෝපාය වන්නේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම හා ශ්‍රී ලංකාව දකුණු ආසියවේ වඩාත් විවෘත හා තරඟකාරී ආර්ථිකය බවට පත්කිරීම බවයි. එහෙයින්, දැනට පවත්නා සාමාන්‍ය ප්‍රතිපත්ති වාතාතවරණය මූලික වශයෙන්ම නව රජය මඟින් ප්‍රකාශයට පත්කරන ලද පිරිසිදු පරිපාලනයක් ඇතිකිරීමට ප්රජාතන්ත්රවාදය ප්‍රතිෂ්ඨාපනය හා සම්පත් ප්‍රයෝජනයට ගැනීමේදී කාර්යක්ෂමතාවය ප්‍රවර්ධනය සඳහා තරඟකාරිත්වයේ ආර්ථික වාසි යටතේ "සමාජීය වශයෙන් තරඟකාරී වෙළඳපල" ක්‍රමය මඟින් පැහැදිලිව දක්වා ඇති ආර්ථික ක්‍රමෝපාය කෙරෙහි මූලික වශයෙන් විශ්වාසය තබා රට සීඝ්රෙන් ඉහල මධ්‍යම ආදායම් තත්ත්වයට ගෙනඒමට සැකසී තිබෙනවා.
2030 න්‍යාය පත්‍රය සාර්ථක ලෙස ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව වාසිදායක හා ස්ථාවර දේශපාලන නායකත්වයක් මෙන්ම මානව හා ආර්ථික විභවයක් ඇති බවට මම විශ්වාස කරනවා. කෙසේ වුවද තිරසාර සංවර්ධන අරමුණු 17ක් යථාර්ථයක් කරගැනීම සාක්ෂාත් කරගැනීම සඳහා මූල්‍ය හා මානව හැකියාවන් කෙරෙහි සලකා බැලීමටත් ඒ සඳහා පිළියම් යෙදීමටත්, අපට සිදුවනු ඇතැයි සිතනවා.
චීනය, සිංගප්පූරුව, මැලේසියාව ආදී ආසියාවේ සාර්ථක සංවර්ධිත රටවල් හා සැසදීමේදී දකුණු ආසියානු කලාපය අඩුවෙන්ම ඒකාබද්ධ වූ කලාපයන්ගෙන් එකක් බව පෙනී යයි. එමනිසා අපට ඉගෙන ගතයුතු හා අප අතර බෙදාගත යුතු බොහෝ දේ තිබේ. මෙම හයවන ආසියානු සංවර්ධන සංසදය මඟින් අන්තර්ජාතික අත්දැකීම් බෙදාගැනීමටත්, කාලීනව 2030 න්‍යාය පත්‍රය අරමුණු ළගාකරගැනීම සාක්ෂාත් කරගැනීම සඳහා සංවර්ධනය වන ජාතීන්ට සහය දිය හැකි ක්ෂේත්‍ර හඳුනාගැනීම සඳහාත් අවශ්‍ය පසුබිම සැකසෙනු ඇති බව අපේක්ෂා කරනවා.
අවසාන වශයෙන් මා ශ්‍රී ලංකාවේ නැවතී සිටින නියෝජිතයන්ට සුභ පතන අතර මෙම සංසදයෙන් උපරිම ප්රතිලාභ ලබාගන්නා ලෙස සහභාගීවන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.” යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
සමුළුව අමතමින් ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති බැම්බැන්ග් සුසන්ටෝනෝ මැතිතුමා කියා සිටියේ ශ්‍රී ලංකා තව දුරටත් සපුරා ගත යුතු ඉලක්කයන් ඇති බවයි.
“ගෙවී ගිය දශක 4ක පමණ කාලය තුළ රට තුළ සිවිල් යුද තත්ත්වයක් පවතිත් දී පවා ශ්‍රී ලංකාව ගෞරවනීය ලෙස සිය ආර්ථිකය වර්ධනය කරගෙන තියෙනවා. විශේෂයෙන් ම අධ්‍යපනයෙන් වගේ ම සෞඛ්‍ය පැත්තෙන් ලබා ඇති සංවර්ධනය ගැන සතුටුයි. නමුත් තව දුරටත් ශ්‍රී ලංකාව සපුරා ගත යුතු ඉලක්ක බොහොමක් තියෙනවා. පළමු කරුණ තමයි රට තුළ ආයෝජනයන්. රාජ්‍ය අංශය සිදු කරන ආයෝජනයන් වගේ ම පෞද්ගලික අංශයටත් විශාල කාර්යභාර්යක් ඉටු කළ යුතුව තියෙනවා. දෙවැනි කාරණාව තමයි නව මුලාශ්‍රයන් සොයා යාම. ඒ අතිනුත් ශ්‍රී ලංකාව තව ඉදිරියට යා යුතුයි. තේ අපනයනය තවදුරටත් දියුණු කිරීම වගේ දේවලුත් මෙහි දී සඳහන් කළ හැකියි.” යැයි ද සුසන්ටෝනෝ මැතිතුමා කියා සිටියේ ය.
ආසියානු සංවර්ධන සමුළුව ජපානය හා කොරියාව යන රටවල යෝජනාවක් අනුව, 2010 වර්ෂයේදී ආරම්භ විය.
පසුගිය ආසියානු සංවර්ධන සමුළුව, කොරියාව, ජපානය, තායිලන්තය හා ඉන්දුනීසියාව යන රටවල පැවති අතර, ආසන්න සමුළුව 2014 වර්ෂයේදී වියට්නාමයේ දී පැවැත්විණි.
හය වැනි ආසියානු සංවර්ධන සමුළුවට ආසියානු රටවල, ණයදෙන ආයතන හා තානාපති කාර්යාල නියෝජිතයෝ මෙන්ම රාජ්‍ය ආයතන ප්‍රධානීහු ද සහභාගී වූහ.