ප්‍රදේශයේ පාසල්වල දරු දැරියන්ගේ සංස්කෘතික අංගයන්ගෙන් වර්ණවත් වූ 70 වෙනි නිදහස් දින උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
නිදහස වෙනුවෙන් දිවිපිදු විරයින් ගෞරවයෙන් සිහිපත් කරමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ ඔවුන්ට දැක්විය හැකි ඉහළම ගෞරවය වන්නේ නැවත වතාවක් මේ රට විදේශීය ආක්‍රමනයකට හෝ රට බෙදා වෙන් කිරීමට හෝ තිබෙන ඉඩකඩ සම්පුර්ණයෙන්ම අවහිර කර දමා එක්සත් ලංකාවක් ගොඩ නැගීම බවයි.
ජාති කුල මල බේදවලින් තොර එක මවකගේ දරු පිරිසක් ලෙස සියලු දෙනාම ඒකරාශී ව සිටීම තමයි ඔවුන්ගේ ජිවිත පරිත්‍යාගවලට කළ හැකි ඉහළම කෘතවේදිත්වය හා ගෞරවය ලෙස තමා සලකන බව ද ඒ මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් ලේකම් N.වේදනායගම් මහතා, ආණ්ඩුකාර ලේකම් L.ඉලංගෝවන් මහතා ඇතුළු රජයේ නිලධාරීන් ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන් හා යාපනය ප්‍රදේශයේ ජනතාව ද සහභාගිව වූහ.