ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    සුනාමි ව්‍යවසනයෙන් ජීවිත අහිමිවූවන් සැමරේ

    දෙසැම්බර් 26, 2018

    සුනාමි සැමරුම් වැඩසටහන අද දින(26 ) ගාල්ල හික්කඩුව පැරෑලියේ සුනාමි ස්මාරකය අබියසදී උත්සවාකරයෙන් පැවත්විණි.

    මෙහි දී සුනාමියෙන් මිය ගිය පුද්ගලයින්ට පින් පැමිණ වීම සහ සුනාමි ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදුවිය. 2004 වර්ෂයේ සිදුවූ සුනාමි ඛේදවාචකයට මුහුණ දුන් පැරෑලිය දුම්රිය අනතුර සිහිපත් කරමින් අද දිනත් පෙ.ව.9.27 ට දුම්රිය එම ස්ථානයට පැමිණි අතර , නිලධාරීන් සහ පිරිස් සුනාමි ස්මාරකය අබියසට ගොස් පුෂ්පෝහාර දැක් වීම සිදු කරන ලදී.

    මේ අවස්තාව සඳහා දකුණු පළාත් ප්‍රදාන අමාත්‍ය ශාන් විජේලාල්ද සිල්වා මහතා, දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සුගත් දිසානායක මහතා ඇතුළුව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් දකුණු පළාත් සහ ගාල්ල භාර නිලධාරින් පිරිසක් ද එක්ව සිටියහ.

    එමෙන්ම සුනාමියෙන් මිය ගිය පිරිස් වෙත පින් පැමිණ වීම සඳහා සර්ව ආගමික වතාවත් ද එම අවස්ථාවේ දී සිදු විය. මෙහිදි අදහස් දැක්වූ ප්‍රදාන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වෙරළ බඩ ජන ජීවිත ශක්තිමත් කල මහ මුහුද එදා සියළු දෑ විනාස කළත් අපිට නැගි සිටින්නට හැකි වූ බවයි. එහෙත් එදාට වඩා අපි ශක්තිමත් යාන්ත්‍රණයකින් සමන්විත රජයක් බවට අද පත්ව ඇති බවයි. ප්‍රදාන අමාත්‍යවරයා ප්‍රමුඛ සියළුම දෙනා සුනාමි ස්මාරකය වෙත පුෂපෝහාර දැක්විම සිදු කළේය. ප්‍රදේශ වාසින් මෙන්ම දෙස් විදෙස් පිරිසක් මේ අවස්තාවට එක්ව සිටියහ.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya