ඇය මේ අදහස් පලකළේ (25) දින පැවති මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩල සභාපති හා උපසභාපතිවරුන්ගේ සංගමයේ 2019 වසරේ අවසන් රැස්වීම සඳහා සංගමයේ අනුශාසක වශයෙන් සහභාගි වූ අවස්ථාවේ දී ය.
සංගමයේ සභාපති අකුරැස්ස සමථ මූල මණ්ඩලයේ ගරු සභාපති සී.කෝරළගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවත්විණි.
තවදුරටත් අදහස් දැක් වූ රංජනී මහත්මිය සඳහන් කළේ අධිකරණයෙන්, පොලිසියෙන්, බැංකු හා මූල්‍ය ආයතන වලින් සහ ආරවුල් කරුවන්ගෙන් 10,000 ට අධික ආරවුල් හා වැරදි ප්‍රමාණයක් වාර්ෂිකව මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩල වෙත යොමු වන බවත් ස්වේච්ඡාවෙන් සිදු කරන සමාජ මෙහෙවරක් වශයෙන් සමථකරණ ශිල්පක්‍රම හා මූලධර්ම අනුගමනය කරමින් සමථ මූල මණ්ඩල සාමාජිකයින් විසින් එයින් 50% ත් 60% ත් අතර ප්‍රමාණයක් නිරවුල් කර ඇති බවත් ය.
කඹුරුපිටිය සමථ මූල මණ්ඩලයේ සභාපති ඩයස් සියාසිංහ මහතාගේ නිවසේ මෙවර රැස්වීම පැවති අතර සංගමයේ ලේකම් මුලටියන සමථ මූල මණ්ඩලයේ
සභාපති ජේ.ඒ.දීපා රංජනී මහත්මිය, සංගමයේ ගරු භාණ්ඩාගාරික කිරින්ද - පුහුල්වැල්ල සමථ මූල මණ්ඩලයේ ගරු සභාපති ඩබ්.එම්.ටී.ඉන්දික මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩල සභාපතිවරු හා උපසභාපතිවරු පිරිසක් මේ සඳහා සහභාගි වී සිටියහ.
DMU/Matara